තරු දෙසම බලාගෙන ඔබ නමින් ගයනා
ගීතයට වලප්නා නයන තරු පමණා
මැදි කරන් මගේ ලඟ තවම නිදි කිරනා
තරුවලට වඩා මම ඔබට පෙම් බැන්දා
තරුවලට වඩා මම ඔබට පෙම් බැන්දා
ගී ඔබට නොඇසෙනා බැව් දනිම්
ඇසුණ මුත් නවතින්න කල් නොලදින්
ආලෝක වර්ෂ සහසක් දුරින්
පිරිවරා ඔබ ඉගිල යන හින්දා
පිරිවරා ඔබ ඉගිල යන හින්දා
උහුලගනු බැරි සොවින් හදවතේ
තරු කඩා වැටුණාම කඳුමුදුනින්
අන්ධකාරයට බියවෙයි ඔබත්
ඒත් නැත ඔබ සුවෙන් නිදි හින්දා
ඒත් නැත ඔබ සුවෙන් නිදි හින්දා