Lyrics of
නදී ගංගා තරණයේ Nadee Gange Tharanaye

නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රඛීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ,
සිංහ ලෝකයේ
සුළං රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි
ගලා එන මන්දාකිණි
හඹා යමි හමුවෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්
මංමුළා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි
ගලා යන දහසක් නදී
බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්

නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රඛීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ,
සිංහ ලෝකයේ